රැයේ අන්ධකාරය
විදුඇසින් පහදා
ආලෝකය කුමක්දැයි
මහ පොතක ලියන
සඳ!
එකවරක් හැකිනම්
මා වැලඳගන්න
අන්ධකාරය
ගෙවෙන්නට මත්තෙන්
කල්ප ගානක් ඉන්න
උරුමයක් නැත මට
කුමුදු මල කීවාය
අනුෂ්ක තිලකරත්න
11/12/2025
රැයේ අන්ධකාරය
විදුඇසින් පහදා
ආලෝකය කුමක්දැයි
මහ පොතක ලියන
සඳ!
එකවරක් හැකිනම්
මා වැලඳගන්න
අන්ධකාරය
ගෙවෙන්නට මත්තෙන්
කල්ප ගානක් ඉන්න
උරුමයක් නැත මට
කුමුදු මල කීවාය
අනුෂ්ක තිලකරත්න
11/12/2025
පාළු හිස් බිම්වල
උසට නැගී මහගස්
එකිනෙකට ඈතින්
සවිමත්ව නැගි මහ ගස්
විඳ දරාගෙන ග්‍රීෂ්මය
ශීත වැහි කුණාටු ද
අභීතව සිට ගත් මහ ගස්
ඉඳ හිට අතුවනා
දුරක ඇති ගස් වෙත
මඳ සිනා නගාගෙන
පෙනෙන නොපෙනෙන ලෙසට
යහතින් සිටින බව තමන්
ඉගිකරයි
හුදෙකලාවේ නැගි මහ ගස්
අතු රිකිලි පිරි පිරිමැද
හමාගිය සුළඟකට
උන් කීය රහසක්,
සබඳ අපි
ඉඳ හිට දකින සිහිනයක් වෙයි
නෙක තුරු ලතාවන්
එකිනෙකට ඈඳුණු,
උනුන් හා බොහෝ කෙළි කවටකම් කරන
එක්ව වැඩෙන
එක්ව මියයන
එක්ව වැළපෙන
මහා වනයක
අපිද වැඩී සිටින්නෙමු.

ඇවිද යමි නිරුවත් දෙපයින්
සියවස් ගණනකට එපිට
සෙවනැලි පටලැවුනු මෙබිම් කඩ මත
තුරු ලතා මලින් බරවුනු
නිල් දිය පොකුණු හා
විහඟ ගී හඬින් පිරි එකල
එ බිම් කඩ මත ඇවිද යමි යළි
පයට පෑගෙන ඉරි තැලුනු ශුෂ්ක බිමකි
දිය පොකුණු සිඳී ගිය
උන් උන් තැනම දිරූ තුරු ලතාවන්
අසරණව බලා සිටිනා මුඩු බිමකි අද
ගත දවන උණුසුමින්
සිත දවන හැඟුමින්
හාත් පස සෙවූයෙමි
එකදු හෝ සළකුණක්
සියවස් ගණනකට එපිට
මිය ගිය ප්‍රේමයක
දියසිඳී වියළුණු
මඩ කඩිත්තක් පතුලේ
සොයාගතිමි යමක්
ගෙන බැලූයෙමි දෝතට
තිබුණි එහි
මුදල් නෝට්ටුවක් හා පදක්කමක්
අතර සිරවුනු වියැකී ගිය හදවතක්
පොසිලයක් ව