Monday, April 21, 2014

අන්තිම නවාතැන



කෙනෙක් ඉඳ ගිය පසු
අන්න තව කෙනෙක් ඇවිදින්

කෙමෙන් පියවෙන නෙත් දෙස
බලා හිඳීවි සිවිලිම
අවසන් සුසුම් පොද උරා ගෙන
තව තවත් දැඩි වේවි බිත්තිය
හැකි ලෙස ඔබව රැකගනිමි
පිටත ඇති සීතලෙන්

ඉතින් පවසන්න මට ඔබේ කතාවත්
නිසසලව අසා සිටින්නෙමි
අවසානයේ කවුළුව හැර තබමි
පිටව යන්නට ඔබට
අවහිරයක් නොමැතිව