Wednesday, September 20, 2017

මායිම් ගම්මානයේ ටීචර්



ටීචර් ඔච්චර හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද  තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති
ඉස්සර කොටි ගහපු
දැනුත් අලි ගහන
සරඹ කරගන්න පණ නැති
ළමයි බඩගින්නෙ පාසැල් එන

එයා විතරක් ඔච්චර
හිනා වෙන්නේ කොහොමද?

අලි බෙට්ටක් කිව්වත්
ගොම් බෙට්ටක් කිව්වත්
කාක් බෙට්ටක් කිව්වත්
හිනා වෙනවා ටීචර්..

ටීචර් දවසක් මං 
බංකුව කඩා ගෙන වැටුනා බිම
ඇණුනා පස්ස   තරු පේන්න
(ඉතින් ඒකටත් හිනා යනවාද  එච්චර)
කතාව ඇහුවාම ටීචර්ට
හිනා ගියා හොඳටෝම

සිකුරාදා දහවල් හැමදාම
ගමේ යනකොට ටීචර්
තනිවෙනවා  අපි
දුක හිතෙනවා අපිට

ආයෙත් ආවම සඳුදාට
හිනායන කතා කියන්නම්
සති අන්තයේ සිදුවෙච්ච
වැඩිය හිනා නොගියත්
ටීචර් ඇති තරම් හිනාවෙන්න
හිනා වෙන්නම් අපිත්  එක්ක