Tuesday, February 21, 2017

චන්දරේ ගේ පොඩි පුතා




ත්‍රීවීල් චන්දරේ ගේ පොඩි පුතා
ත්‍රීවීල් එකටමලු ආදරේ

ගෙනැවිත් දුන්නට කොච්චර
කාර් ලොරි ටිපර් නැව් හිටං
ත්‍රීවීල් එකටමයි ආදරේ

තහඩු කෑල්ලෙන් නිමවා
උලා ඇති රතු නිල් ලැකර්
ගොඩේ පෙනුමැති ආටාවටයි
කොයි වෙලාවෙත් කැමතිම

තාත්තාගෙම පුතා නෙව
කවදහරි ඉතින් පිය උරුමය
බැඳගෙන රීප්ප කෑල්ලක් පුටුවක
අදිනවා උඩට ලීවරය

ප්රාඩෝ මොන්ටේරො බෙන්ස් 
තියෙද්දිත් මෙච්චර හැම තැන
තහඩු කෑල්ලෙන් ගැසූ ආටාව
විතරමද මේකට සෙල්ලමට

හයර් නැති වූ දවසක
ඇවිදින් චන්දරේ ගෙදර
විසි කලා ආටාව කැලේට
හැප්පුනු නිසා කකුලක

චන්නදරේ ගේ පොඩි එකා
හෙව්වාලු ආටාව ගේ පුරා
හරියට දුක් වෙමින් චන්දරෙත්
හෙව්වාලු ආටාව ගේ පුරා