Showing posts with label අනුෂ්ක තිලකරත්න. Show all posts
Showing posts with label අනුෂ්ක තිලකරත්න. Show all posts

Thursday, April 15, 2021

මා තැනූ ඔබ


මට දිවිය දුන්
නිමැයුම් කරුවානෙනි
මිනිස් හදවතකින් දිවි ගෙවන
ඔබ විඳි වේදනාවන් දෙස
එක සීරුවට එකම තැන සිට
මම බලා සිටින්නෙමි
 
වසර ගනනක් දුහුවිලි බැඳී
මලකඩ කෑ අසිපතක් සමග
සීරුවට නැගී සිටිනා මම
ලී හදවතක මහිමයෙන්
සියල්ල විඳදරා ගනිමි
 
දිවිය පුරාවටම පෙම් කෙරූ
අර ගොපලු කෙල්ල
කෙමෙන් දුර්වර්ණව අවසන
බිම වැටී බිඳෙනයුරු
දෑහින්ම දැක දැකත්
තවමත් උත්තුංගව නැගී සිටින මා මෙන්
නොසැලී ඉන්නට ඔබටත් තිබිනි..
 
මට මෙන් ලී හදවතක් තිබුනා නම්
නොසැලී ඉන්නට පුලුවනි.


අනුෂ්ක තිලකරත්න
16/04/2021