බොහෝ දේ සිතමින්
බොහෝ දේ කියමින්
ඔබ සමඟ මේ මග
ඇවිද ගියවුන්
ඔබ නොමැතිව
තවමත් ඇවිද යති
බොහෝ දේ සිතමින්
බොහෝ දේ කියමින්
Showing posts with label anushka. Show all posts
Showing posts with label anushka. Show all posts
Wednesday, December 22, 2010
Thursday, July 15, 2010
සියවස් ගණනකට එපිට.....

ඇවිද යමි නිරුවත් දෙපයින්
සියවස් ගණනකට එපිට
සෙවනැලි පටලැවුනු මෙබිම් කඩ මත
තුරු ලතා මලින් බරවුනු
නිල් දිය පොකුණු හා
විහඟ ගී හඬින් පිරි එකල
එ බිම් කඩ මත ඇවිද යමි යළි
පයට පෑගෙන ඉරි තැලුනු ශුෂ්ක බිමකි
දිය පොකුණු සිඳී ගිය
උන් උන් තැනම දිරූ තුරු ලතාවන්
අසරණව බලා සිටිනා මුඩු බිමකි අද
ගත දවන උණුසුමින්
සිත දවන හැඟුමින්
හාත් පස සෙවූයෙමි
එකදු හෝ සළකුණක්
සියවස් ගණනකට එපිට
මිය ගිය ප්‍රේමයක
දියසිඳී වියළුණු
මඩ කඩිත්තක් පතුලේ
සොයාගතිමි යමක්
ගෙන බැලූයෙමි දෝතට
තිබුණි එහි
මුදල් නෝට්ටුවක් හා පදක්කමක්
අතර සිරවුනු වියැකී ගිය හදවතක්
පොසිලයක් ව
අනුෂ්ක තිලකරත්න
07/02/2010
Labels:
anushka,
boondi,
kavi,
siyawas gananankata apita
Tuesday, April 13, 2010
සුභ පැතුම් පත්..........

කාමරය අස්කරද්දි පරණ සුභ පැතුම් පත් මිටියක් මුණගැහුනා.අවුරුදු 10 කට 15 කට විතර ඉස්සර ඒවාත් තිබුනා...ආච්චිලා සීයලා..අම්මා අප්පච්චි.. මාමාලා.නැන්දලා...අය්යලා..අක්කලා.. තව පංතිවල හිටපු කොල්ලො..කෙල්ලෝ සේරම ඒ සුභ පැතුම් පත් අතර හිටියා.
කාමරය අස් කරන වැඩේ පොඩ්ඩකට නතර කරලා මම සුභ පැතුම් පත් මිටියත් එක්ක තනිවුනා. ඒවා එකින් එක කියවන්න ගත්තා.ඒවා එවල තියෙන අය සහ ඒ අය ගැන මතක ආයෙත් මැවෙන්න ගත්තා. අවුරුදු 10, 15 වුනත් තාමත් ඒ මතක අලුත්.
කාමරය අස් කරන වැඩේ පොඩ්ඩකට නතර කරලා මම සුභ පැතුම් පත් මිටියත් එක්ක තනිවුනා. ඒවා එකින් එක කියවන්න ගත්තා.ඒවා එවල තියෙන අය සහ ඒ අය ගැන මතක ආයෙත් මැවෙන්න ගත්තා. අවුරුදු 10, 15 වුනත් තාමත් ඒ මතක අලුත්.
ඒ අයගෙන් බොහොමයක් මේ වෙනකොට කොහේ ඉන්නවද මොනවා කරනවද දන්නෙත් නැහැ. මේ මූණු පොතට (Facebook) පිංසිද්ද වෙන්න ජාලෙට සෙට් වෙන අය විතරක් යාන්තම් ආයෙත් දකින්න ලැබෙනවා. ඒත් ඒ අයගෙත් සමහරුන්ගේ මොකද්දෝ නුහුරක් දැනෙනවා වෙලාවකට.සමහර අය වෙනස් වෙලා."අඩෝ මචා..." කියල අහන්නත් මොකද්දෝ වගේ..ඒ කියන්නෙ අද ඒ අයට ඒ වචන නොගැලපෙනවා වගේ.ඒත් ඒ වෙනස් වීම දරාගෙනම ඒ අයගෙ මතකත් එක්ක ජීවත් වෙන්න මම ආසයි. අද ඉන්න ඒ උදවියට වඩා ඉස්සර මට මුණගැහුනු ඒ අයගෙ අතීත ජීවිත මට වඩාත් සමීපයි.
මක්කොරන්ටද....ඉතින්..කාලය අපිට සමහර දේවල් දෙනවා වගේම සමහර දේවල් උදුර ගන්නවා..
ඉස්කෝලේ ඉස්සරහින් යද්දි..බොරැල්ල මරදාන පාරට පේන දහය වසරේ (මගේ කාලේ) බිල්ඩිමේ ජනේල් මීට අවුරුදු 12 කට කලින් මතකය අවදි කරවන්නේ හිතා ගන්න බැරි වේගයකින්. ආයෙත් ඒ පංති කාමරේට දුවලා පාර දිහා බලන්න හිත බල කරනවා. ඒත් බැහැ නේද? මට පිස්සු කියල හිතයි. දැන් ඒ පංති වල වෙනම එවුන් ටිකක් ඇති. ඒකාලෙ ජනේලෙන් පාර බලාගෙන ඉන්නකොට පාරේ වැඩට යන..කොටින්ම කිව්වොත් ඉස්කෝලේ නොයන වැඩට යන අය දැක්කෙ හරි ලොකු විදිහට. වැඩට යන එක හරි ලොකු වැඩක් කියලයි එදා මම හිතා ගෙන හිටියේ. බලාගෙන ගියාම ඒකෙත් එච්චර ලොකුවක් නැහැ.

මේ සුභ පැතුම් පත් අතර ආච්චිලා සීයලා එවපු සුභ පැතුම් පත් කිහිපයකුත් තියෙනවා. ඒ අයගෙන් තුන් දෙනෙක්ම දැන් ජීවතුන් අතර නැහැ. සමහර නෑදෑයොත් දැන් නැති ගානයි. ඒ අය වෙනස් වෙලා. නැත් නම් වෙනස් වෙන්න සිද්ද වෙලා. ආර්ථික මට්ටම්..සමාජ මට්ටම්..තව තව එක එක මට්ටම් මෙවාට හේතුභූත වෙලා වෙන්න ඇති.
දැන් අපි කාටත් තැපෑලෙන් එන සුභ පැතුම් පත් ලැබෙනවා අඩුයි නේද? අද එතන ඉන්නේ SMS නැත්නම් e-mail . අර තැපැල් සුභ පැතුම් පතක් ලැබෙන කොට දැනෙන සතුටෙන් අරික්කාලක් වත් ඒ සුභ පැතුම් පත් වල තියෙනවද? ඒවා හරි ක්ෂණික ඒ වගේම අඩු මහන්සියකින් යවන සහ ලබන සුභ පැතුම්. ඕනෙනම් සුභ පැතුම යවන්න ඕනේ දිනය වේලාව මතක තිය ගන්න ඕනෙත් නැහැ. Schedule කරල තියල තිබ්බම auto ම සුභ පැතුම යනවා.කොහොමද වැඩේ...?
කාලෙත් එක්ක ලෝකෙ වෙනස් වෙනවා. ඒක නොවැලැක්විය හැකි දෙයක්. ඒත් මේ හැම වෙනස් වීමක්ම අපිව සතුටට පත් කරනදේම නෙමෙයි. මේ සුභ පැතුම් පත් මිටිය මම පුලුවන් තරම් කාලයක් මගේ ළඟ තියා ගන්නවා. හොඳටම වයසට ගිහිනුත් මේ සුභ පැතුම් පත් මිටිය ඉඳලා හිටලා බලන්න මම හිතාගෙන ඉන්නේ. ඒ සුභ පැතුම් පත් මගේ අතීතයේ සුන්දර මතක යළි යළිත් ජීවත් කරවාවි.
අනුෂ්ක තිලකරත්න
04/13/2010
Labels:
anushka,
boondi,
subha pathum,
thilakarathna
Subscribe to:
Posts (Atom)