Saturday, March 7, 2009

සාපේක්ෂයි : හුදෙකලා වෘක්ෂය ට කී කවි

එකෙක්: 
බලන්න එය සුන්දරද කෙතරම් 
නිල් අහස් පසුබිමක 
හුදෙකලාවම නැගී ඇතිසැටි 
කඳුගැටය මත  

තවකෙක්:  
කෙතරම් දුක් බරද
කලෙක සුවිසල් තුරු රජෙකුලෙස 
මේ කඳු ගැටය මත වැජඹුනයුරු 
මෙකල ජරපත්ව හුදෙකලාවී 
ඒ කඳුගැටය මත ඉකිබිඳිනයුරු

Sunday, February 22, 2009

සාපේක්ෂයි

පොඩිම පොඩි හැකරැල්ලෙක් 
උස්සන් යති කූඹි රැලක්  
අලී ලොකු අලියෙක් 
අල්ලන් යති මිනිස් රැලක්



අනුෂ්ක තිලකරත්න