Saturday, March 7, 2009

සාපේක්ෂයි : හුදෙකලා වෘක්ෂය ට කී කවි

එකෙක්: 
බලන්න එය සුන්දරද කෙතරම් 
නිල් අහස් පසුබිමක 
හුදෙකලාවම නැගී ඇතිසැටි 
කඳුගැටය මත  

තවකෙක්:  
කෙතරම් දුක් බරද
කලෙක සුවිසල් තුරු රජෙකුලෙස 
මේ කඳු ගැටය මත වැජඹුනයුරු 
මෙකල ජරපත්ව හුදෙකලාවී 
ඒ කඳුගැටය මත ඉකිබිඳිනයුරු

2 comments:

ඩෝසන් said...

"එකෙක්:
බලන්න එය සුන්දරද කෙතරම් නිල් අහස් පසුබිමක හුදෙකලාවම නැගී ඇතිසැටි කඳුගැටය මත

තවකෙක්:
කෙතරම් දුක් බරද
කලෙක සුවිසල් තුරු රජෙකුලෙස මේ කඳු ගැටය මත වැජඹුනයුරු මෙකල ජරපත්ව හුදෙකලාවී ඒ කඳුගැටය මත ඉකිබිඳිනයුරු"

අපූරු සිතුවිල්ලක් , මා සිත නොයෙක් අදහස් ජනිත කරන්නට සමත් වූ...

බලය ඇති කල්හි මිනිසුන් අයුතු ලෙස හෝ යුතු ලෙස ඒ අයුරින් හැසිරී බලහීන වූ කල්හි හුදකලාව කිසිවෙකුගෙන් හෝ වදනක හෝ පිහිටක් නැතිව අසරණ වන බව කියන්නාසේ පෙනෙන මෙ නිර්මාණය මතුපිට තතු එලෙස වුවද මට හැගෙන්නේ වෙනස් ම අයුරකිනි.

කෙනෙකුට හුදකලා බව සතුටට හේතුවකි.

තවකෙකුට බලපරාක‍්‍රමයෙන් ජීවත් වීම සතුටකි.

තවකෙකුට ජරපත්ව හුදෙකලා වීම අසතුටකි.

මෙය සාපේක්ෂ බව ඉක්මවා යන්නා වූ මිනිස් ගති සොබා විවරණයක් ද?

සාපේක්ෂ බව සසඳන්නේ නම් අපට දැකිය හැකි වන්නේ කිසියම් පාලිත තත්වයන් තුල සිදුවන නිරීක්ෂණ පමණක් විය යුතුය.
කවියකට විද්‍යාව වැද්ද ගැනීම නොහොබිනා කටයුත්තක් වුව ද මෙ දක්වන්නේ මිනිස් ප‍්‍රත්‍යාවෙක්ෂණයේ විවිධත්වයයි.

Koombiya said...

Me SAPEKSHA kavi baluwa.
Wenas wadak. Maru!

Me pahugiya tike api pariharanaya kala me jathiye thawa ekak... Aye kiyawapan.

පෙර-
මහත් උත්කර්ෂයෙන්
සෝම පානය කළ මැඳුර

දැන්-
සිංහයෝ සහ උරගයෝ
ලගිත

පෙර-
මහ රජු
ඉස තබා
නින්දට වන් තැන

දැන්-
වල් බූරුවෝ
අඩි තබා
ඇවිදිත

මහඛෙල්ලනගේ
රුබයියාට්