Monday, December 10, 2018

හිස්ය මේ වීදිය





හිස්ය මේ වීදිය
හුදෙකලා පහන් කණු
උදෑසන යළි නිවාලනතුරු
නිසොල්මනේ දැල්වෙමින්

හිස්ය මේ වීදිය
මදුවිතක් තොල ගෑ
උනුන් හා වැළඳගත්
පෙම් වතුන් අද නැතිහෙයින්


හිස්ය මේ වීදිය
වෙහෙසවූ දනෝ
ලද එකම සැනසුම
සුවබර දිගු නින්ද
බෝ තදින් විඳිනා හෙයින්

හිස්ය මේ වීදිය
ගෙවී ගොස් දිගු රාත්‍රිය
උදෑසන යළි අවදිවන්නට
බොහෝ වේලා තව ඇතිහෙයින්

No comments: