Sunday, January 10, 2021

 ඔබ වෙනුවෙන් ආලේඛ්‍ය චිත්‍රයක්

කිසිවිටෙක නොඇන්දෙමි

එනමුත් මිහිරි මතකයන් 

කිසිවෙකුගෙ ඇස නොගැටෙන්න

කොහේ හෝ සඟවන්න සිතුවෙමි


මා පමනක් දන්නා

රහස් කේතයන් ගෙන..

කඳු මුදුන් මත

වලාකුල් මත

ඒ මතකයන් රැඳෙව්වෙමි,

කවි ලෙස...


ඉතින් ඒවා හුදෙක්ම

කවි පමණක්ද?


කාලය තුලම

ඝනීභවනය වූ සදාකාලික රහස් නොවන්නේද?

එතරම්ම මම ඒ මතකයන් වලට

ආදරය කරමි


Wednesday, January 6, 2021

 ඈ අතින් සිටවුනු මල්

ඉඩෝරයක දියබිඳක් ලදින්

මට ස්තූතිකල සැටි

ගැහැනු සිත් දන්නා නිසාවෙන්

එද ඈට රහසිනි...




Tuesday, November 10, 2020

Few poems

The water lily 

 When I look at the water lily 
She asks me to look at the pond 
I keep staring at her... 
She is that beautiful 
 08/07/2020 

 A wink 

 Even the gloomy tranquil mountain,
 the paragon of stillness 
was stunned 
when a petal fell off a mountain rose 
 29/07/2020 

To Listen to it's untold stories of centuries,
I became silent, 
silent than the dark mountain.....
 23/09/2020 

Wednesday, September 30, 2020

The paper boat

 




knowing impermanent
knowing not worthy
but the paper boat floats
as far as it can

rain is merciless wind is uncaring but the paper boat floats as far as it can
It's paper can be torn, or swamped by the rain but the paper boat floats as far as it can
Anushka
30/09/2020

Saturday, March 28, 2020

අපේ ගෙදරට ශෝටීස් ගෙනාවම වෙන දේ..



ඔය කොහේ ගියත් ශෝටීස් (හරි හරි ශෝට් ඊට්ස් තමයි ) කෑමේ ආසාවක් මට ඇත. නමුත්  බිරිඳ සලකන්නේ ශෝටීස් කෑම සරීරයට මහත්වූ අනතුරක් ගෙනෙන මහ පාපතර ක්‍රියාවක් ලෙසය. උදරාබාධ, හර්ද රෝග, මූලරෝග, කටී වාතය, හංදි රෝග, කක්කල් කැස්ස, පාචනය, කොලරාව, ඩෙංගු, සාස්, ඉබෝලා, කොරෝනා ඇතුලු අටනූවක් රෝග වලට හේතුව ශෝටීස් බව විශ්වාස කරන ඇය නිවසේ සිටින විට මට ශෝටීස් කිහිපයක් කෑමටනම්  බේකරියක බැනුම් ඇසීමට සිදු වෙයි. නමුත් බඩජහරිකම මරණබියටත් වඩා ලොකු වූ විට මම අහුවෙන තැනකින් ශෝටීස් ගෙන එමි.

චිකන් රොටි , මාලු රොටි, රොල්ස් වඩේ කිහිපයක් ගෙන මම නිවසට එමි. ඉන්පසුව ඇතිවෙන තත්වය මෙසේය.

බිරිඳ: මේ මොනාද මේ?

මම: ඔය මේ ශෝටීස් ටිකක්..හැමදාම කන්නෙ නෑනෙ..අද විතරයි.

බිරිඳ: කොච්චර කිව්වත් අහන්නෙ නෑ. හදාගන්නවකො ඉතින් හාට් ඇටෑකුයි තවතියෙන ජාති සේරම. කොහෙන් හරි උස්සගෙන එනව ඉතින්..මේ පොඩිදරුවත් නරක්කරනව මෙව පුරුදු කරල.

මම: හැමදාම කෑවොත් තමයි ලෙඩ වෙන්නෙ. ඉඳල හිටල කෑවට මුකුත් වෙන්නෑ.

ශෝටීස් වැනි අනර්ඝ කෑමක් ඇති දිනක එය ආවට ගියාට ගිල දමන පුරුද්දක් මට නැත. හොඳින් නාකියාගෙන පේ වී ඉතාම නිස්පාසුවේ එය භුක්තිවිඳීම මාගේ පුරුද්දයි. එය ශෝටීස් වලට දක්වන ගෞරවයකි.

නාන ගමන්ද ඉන්පසු කුස්සියට එන ගමන්ද මම කල්පනාකරන්නේ එක දෙයකි.
"ඉස්සෙල්ල චිකන් රොටිය කාල ඊටපස්සෙ මාලු රොටිය කනවද? නැත්තං ඉස්සෙල්ල රෝල්ස් එක කාල පස්සෙ මාළු රොටිය කනවද? චිකන් රොටිය හෙට කන්න තියා ගන්නවද? දැන් චිකන් රොටිය කාල හවසට වඩේ එක කනවද? අද කෑවෙ නැත්තං නරක් වෙයිද? " ඔන්න ඔයාකාරයේ ගැටළු රැසක් සිතමින් මම කුස්සියට එමි.

මේසය මත ශෝටීස් මල්ල ඇත. නමුත් මොකද්දෝ වෙනසක් තිබේ.

මම: කෝ යකෝ මේකෙ තිබ්බ චිකන් රොටිය? බිම වැටිලද?

බිරිඳ: චිකන් රොටිය ඉතින් මං කෑව? ඇයි? (බිරිඳගේ අතේ චිකන් රොටි කෑල්ලක් ඉතිරිව ඇත. අග්‍ර කොටස ගිල දමා ඇත )

මම: හා ..කමක් නෑ..මම මාළු රොටිය කන්නම්..

බිරිඳ: මාළු රොටිය අම්මට තියන්න. එයා වැඩිය චිකන් කන්නෙ නෑනෙ.

මම: හා ඉතින්. මම රෝල්ස් එක කන්නම්.

බිරිඳ: රෝල්ස් එක පුතාට දුන්න. මේ ළමය ඊයෙත් මුකුත් හරියට කෑවෙ නෑ. ඒකවත් කයිද බලමු.

මම: එතකොට මට?

බිරිඳ: ඔය තව මොනාද තිබ්බෙ!

වඩේ එක ඉතිරිව තිබේ.

හය්යෝ ඉතින් අපරාදෙ මම නෑවෙ!.

Saturday, March 21, 2020

සුළඟද අහසද හැර දමමි



දස අත මරබියෙන්
තැති ගත් මිනිස්සු
ලෝකයම තිබුනද
නිවසේ කොටු වූ මිනිස්සු
හෙට දිනය කෙබඳුදැයි
සිතන්නට බිය මිනිස්සු

ඉතින් මදකට ඔබව හැර යමි..
පෙර වූ සොඳුරු බව ඔබගේ නොදකිමි..
මිනිසුන් සිනා සෙන කල
යළි ඔබ ගැන ලියමි...

Friday, February 7, 2020

සුන්දරම මතකය



අයිසෙ බලනවා..මගෙ මේ අත කෙලින් බලනවා..මොකද්ද පේන්නෙ!.. මන්දිරය..මොන මන්දිරයද..විලියම්ස් මන්දිරය...බාගෙට ගරා වැටිච්ච විලියම්ස් මන්දිරය...තමුසෙට කියන්න මට නියම කතාවක් තියෙනව...අහගන්නවකො.. මේක සිද්ධවුනේ ඔය මන්දිරේ මුලයිතිකාරය ටෙඩ් විලියම්ස්ගෙ කාලෙ..මට එතකොට අවුරුදු දහයක් දොළහක් ඇති.. මතකනෙ ටෙඩ් විලියම්ස් ?..ලෝකප්‍රකට බේස්බෝල් කාරය..ඔය ඉතින් තියෙන්නෙ එයාගෙ මන්දිරය...

අපිට ටෙඩ් විලියම්ස්ව මතකනෑ.. හැබැයි එයාගෙ පුතා ඔය දැන් බංකොලොත් වෙලා ඉන්න විලියම්ස් ජුනියර්ව නම් දන්නව..අපිට ඔහේතරම් වයස නෑ නෙ..

ඇත්තනෙ. තමුසෙල ඔක්කොම පස්සෙනෙ  මේ පලාතට ආවෙ..

ඉතින් කියනවකෝ..මොකද්ද ටෙඩ් විල්ලියම්ස් ගෙ කාලෙ උනෙ..

තමුසෙල පිළිගන්නවද එයා මං එක්ක බේස්බෝල් ගැහුව කියල...?

පුහ්..ඒක නම් කෙප්පයක්..තමුසෙයි මායි ගහපු බේස් බෝල්..අනික මං දන්න විදිහට ඔය විලියම්ස් ලා හෙන උද්දච්ඡ මිනිස්සු. උඩඟුයි. මේඅපි වගේ මිනිස්සු එක්ක බේස්බෝල් ගහනව තියා කතාකරන්නෙ වත් නෑ. ඉතින් තමුසෙ කියනව බේස් බෝල් ගැහුවලු!. කොහොමද පිළිගන්නෙ..කමක් නෑ කතාව කියනවකො..මංඅහගෙනඉන්නම්.

ඒක වුනේ මෙහෙමයි. මං පුංචිකාලෙදි පුදුම ආසාවකින් උන්නෙ ඔය විලියම්ස් මන්දිරේ ඇතුලට යන්න. අඩුම ගානෙ අර මහ විශාල වත්ත අස්සට වත්. ඒත් වටේම වැටවල් තාප්ප..මං වෙලාවක් එනකල් බලන් උන්නෙ. ඉතින් විශ්වාස කරනවකො! දවසක් මගෙ වාසනාව පෑදුන..තමුසෙ අහගෙනද ඉන්නෙ? මං දැක්ක දවසක් ඔය විලියම්ස් මන්දිරේ වැටේ එක තැනක ලීයක් කැඩිලතියෙනව. මම ගිහින් මුරකාරයට කිව්ව...වැටේ ලීයක් කැඩිල මං කැමතියි නොමිලේම ඒක හදල දෙන්න කියල. මුරකාරය මාව පන්න ගන්න හැදුවෙ!. බලනවකො අයිසෙ වෙලාව කියන්නෙ එතකොටම එතන්ට ආවනෙ ටෙඩ්..ඔව්..ටෙඩ් විලියම්ස් එතනට ආව. මේ තමුසෙ අහගෙන නේද ඉන්නෙ ?

ඔව් ඔව් ඉතින් කියනවකො!.

විලියම්ස් මගෙන් ඇහුව ඇත්තටම නොමිලේමද හදන්නෙ.. වැඩ ඔය ළමයට පුලුවන්ද කියල..මට අදහගන්නත් බෑ අයිසෙ..ටෙඩ් විලියම්ස් මා එක්ක කතා කලා..

ඉතින් ඉතින්..

මං ගත්කටටම  පුලුවන් ..මගෙ සීය හොඳින් මට වැඩ උගන්නල තියෙන්නෙ කිව්ව.. මෙන්න අයිසෙ ටෙඩ් විලියම්ස් මට ගේට්ටුව ඇරල වත්ත ඇතුළට එන්න කිව්ව..

අදහන්න බෑ අයිසෙ..ඔය ටෙඩ් විලියම්ස් කවදාවත් මේ ගමේ මිනිහෙක් එක්ක කතා බස් කලා කියල මංහිතන්නෑ. තමුසෙ ඇත්තමද ඔය කියන්නෙ?

ඇත්ත තමයි අයිසෙ...මං ගිහින් වැටේ ලීය බොහොම හොඳට හදල දුන්න. වැඩේඉවර වෙනකොට ටෙඩ් විලියම්ස් එතන. මගෙන් ඇහුව මොනාද ඕනෙ කියල! මංකිව්ව..ඔයා බේස් බෝලෙකට ගහනව බලන්න ආසයි කියල.....අහනවකො..එතන එයාගෙ ලස්සන නෝනත් හිටිය...මගෙත් එක්ක හිනා උනහැටි මට අද වගේ මතකයි..

කෙප්ප,,මේ නම් අමූලික කෙප්ප..ඔය කියන ගෑනිත් හෙන ආඩම්බරකාර ගෑණියෙක්..එහෙමයි මං අහල තියෙන්නෙ!

නෑ අයිසෙ..තමුසෙ පිළිගන්නවකො..ටෙඩ් විලියම්ස් බේස්බෝල් පිත්තයි බෝලෙයි අරං ආව..මට කිව්ව පුලුවන් විදිහකට බෝලෙ දාන්න කියල. මාත් ඉතින් දන්න විදිහට බෝලෙ විසි කලා මිනිහගෙ දිහාට..ටෙඩ් විලියම්ස් දුන්නනෙ මරු පාරක්..කියල වැඩක් නෑ අයිසෙ..මට අදවගේ මතකයි..අම්මෝ බෝලෙ ගිය දුර..පුදුම ලස්සන බලගතු පහරක් අයිසෙ ඒක.. තමුසෙ හිතා ගන්නවකො ඉතින්.. විලියම්ස් නෝන අත්පුඩි ගැහුව මට අද වගේ මතකයි..

දැන් එතකොට තමුසෙ ටෙඩ් විලියම්ස් එක්ක බේස්බෝල් ගැහුව! විලියම්ස් ගෑණි එතන බලාගෙන හිටිය. තව අප්පුඩිත් ගැහුව..මරු කතාව අයිසෙ..මරේ මරු..

ඔව්. තමුසෙට මාව විශ්වාස නෑ..කමක් නෑ අයිසෙ. සිද්ධිය මම මතක් නොකරපු දවසක් නෑ.. මේජීවිත කාලෙම. ඒක පුදුම අත්දැකීමක් අයිසෙ. පුදුම මතකයක්. මං හිතන්නෑ මැරුනත් මට ඒක අමතක වෙයි කියල. ලෝකප්‍රකට ශ්‍රේෂ්ඨ ටෙඩ් විලියම්ස් මගෙත් එක්ක..මේ පොඩි වඩු බාස් කොල්ලත් එක්ක බේස්බෝල් ගැහුව..ඔව්.ඉතින් තමයි මගෙ සුන්දරම මතකය.  තමුසෙට ඉතින් විහිළු !.

බලනව. විලියම්ස් මන්දිරය ගරා වැටිල. හරියට මේ මං වගේ..ඒත් ඒත්..අර මතකය..ඒක තාමත් ඒවගේමයි  අයිසෙ.මං අදත් ඔනැම වෙලාවක මතකය ඇදල ගන්නව

ටෙඩ් විලියම්ස් මගෙත් එක්ක බේස්බෝල් ගැහුව අයිසෙ. තමුසෙල පිළිගත්තත් නැතත්.