Sunday, November 6, 2011

එය එසේමයි......


එකත් එකටම නුඹ
සරන්නැති දැන හෝ නොදැන
නුඹට හිමි නැති ඉසව්වක
අසන්නට ඇති පොඩි කමට
සරන්නට ඇති අයිතිය අහස් කුස
උපතින්ම හිමි සියොතුනට

කොහේ දෝ බෑවුනු අකුණක්
සියලු පව් බාර ගත් නිසා
සෝදා ගන්න ඇති වැසිදියෙන්
ලේ ගඳ ගසන උන්ගේ නිය සහ හොට

ඉතින් කවුරුත් පිළිගනිති
එය එසේමයි කියා
දිළිසෙන නිසා තවමත්
තියුණු නිය සහ හොට

3 comments:

Anonymous said...

ගොඩ දවසකින්.

ඒක නෙ අපි ප්‍රශ්ණ අහන්නෙ නැතුව කූඩුවට වෙලාම ඉන්නෙ.

Anushka Thilakarathne said...

අනේ ඔව් බන් ඔන්න ඔහේ කූඩු වලම ඉඳපල්ල..

Anonymous said...

ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]