Thursday, February 24, 2011

උඹ දැන් හරි වෙනස් මචං

ඉස්සර වගේ නෙවෙයි
උඹ දැන් හරි වෙනස් මචං
ගැන්සියටම තේරිලා
උඹ දැන් හරි අමුතු බුවෙක්

සෙට් වෙන්නත් වැඩිය
උවමනාවක් නෑ වගේ
හුදෙකලාවත් එක්කම ෆිට් වෙලා
ගැන්සියම දැන් ඈත් කරලා

කවි පොත් කිහිපයක්
නිතරම උඹ අතේලු
උඹව හමුවෙච්ච අපේ එකෙක් කිව්වා
පත්තරේකත් තිබ්බලු උඹේ කවියක්
ජීවිතේට කවි නොකියවපු අපේඋනුත් බලලා

පිහාටුවක් වගේ සැහැල්ලුවෙන්
පාව යනවාලු උඹ
තිබ්බාලු ඒ කවියේ උඹම ලියලා
ඒත් අපි නම් තාම
කට්ට කනවා මචං ජීවිතෙත් එක්කම
ඒත්ඉඳලා හිටලා සෙට් වෙනකොටත්
උඹ දැන් නෑ අපි එක්ක

4 comments:

Wikeds said...

Nice one machan

Unknown said...

ෆට්ට!

Anonymous said...

පිහාටුවක් වගේ සැහැල්ලුවෙන්
පාව යනවාලු උඹ
තිබ්බාලු ඒ කවියේ උඹම ලියලා

ඌ ඒ ලියල තියෙන්නෙ ලෝකෙ ඌ දිහා බලන්න ඕනය කියල ඌට හිතෙන විදිය මිසක් ඇත්ත නෙමෙයි. ඌ වෙනදටත් වැඩිය බරක ඉන්නෙ.

Zainab Yahya said...

i very much appreciate this rhythmic dance with simple terms... its so simple.. its so.. natural... you always let the readers to find the depths in their own consciousness. very good