Sunday, February 9, 2025

මතක ගස

 වසර දහ අටක්
නොවියැකුණු මතකයක්
මතක පිටුවක අතරමැද 
තිරලෙසම රැඳි මහ ගසක්


එදවසට පසුවත්
රතු මලින් වැහෙන්නැති
ඉන් පෙරත් එලෙසම 
රතු මලින්  පිරෙන්නැති
ඒ එකම එක් වරක් අපේම වූ බව
ඒ මහාගස නොදන්නවා ඇති


අනුෂ්ක තිලකරත්න 
28/11/2024

1 comment:

wurthantha.blogspot.com said...

මහා ගසක් නිසා දැනගත්තත් නොදන්නවා මෙන් උපේක්ෂාවෙන් ඉන්නවා ඇති