Tuesday, February 27, 2018

තාත්තාගේ පුදුම ලොකු අත



සියලු බිය සැක දුරුව යන්නට
වැටුනු දිවියම යලි නගන්නට
බලගතුම බෙහෙතක් හිසමතට ගැල්වූ
තාත්තාගේ පුදුම ලොකු අත

පවුලේම බර
 දරා ගෙන ගිය
නොසිඳෙනා වූ මහත් සවි ගත්
තාත්තා ගේ පුදුම ලොකු අත

 වැරදි හරි ගස්සවා
මග නොමග පෙන්වන්න
නිතර අප බිය කෙරූ
තාත්තා ගේ පුදුම ලොකු අත

 කාලයේ අණසකට යටවී
අයෝමය සවි කෙමෙන් වියැකෙන
මඳක් වැහැරී සෙමෙන් වෙව්ලන
තාත්තා ගේ පුදුම ලොකු අත