Friday, July 13, 2018

පීඩනය නිසා



විජේකලා එල්ටීටිය ඕනෙමයි කියා තිබෙන්නේ පීඩනය නිසාය. හාමුදුරුවන් විසින් පොලිස් නිලධාරියාගේ බෙල්ල මිරිකා තියෙන්නේද පීඩනයක් නිසාය. ගායිකාව මරා දමා තිබෙන්නේද පීඩනය නිසාය. මිනිස්සු දිවියා මැරුවේද බය නිසා උපන් පීඩනය නිසාය. තෙවරප්පෙරුම බිම බුදියගන්නේද පීඩනය දරාගත නොහැකිවය. මේ සිදුවීම් නිසා සමාජය ඇවිස්සෙන්නෙද පීඩනය නිසාය. ජනාධිපති තුමා රටේ කුඩු කාරයන් හිරේ ඉඳගෙන දෙන ගේම් නිසා පීඩනයට පත්වී මරණ දඬුවම යළි ගේනවා යැයි කියා තිබේ.

තත්වය මෙසේ වන අතර පීඩනය=බලය/වර්ගඵලය වේ. පීඩනය අඩු කිරීමට නම් බලය අඩුකිරීම හෝ  වර්ගඵලය වැඩි කිරීම කල යුතුය. බලය අඩු කර ගැනීමට එකෙක්වත් කැමති නොවන නිසා කෙසේ හෝ මුන්ගේ වර්ගඵලය වැඩිකර දිය යුතුය.