සියලු බිය සැක දුරුව යන්නට
වැටුනු දිවියම යලි නගන්නට
බලගතුම බෙහෙතක් හිසමතට ගැල්වූ
තාත්තාගේ පුදුම ලොකු අත
පවුලේම බර
දරා ගෙන ගිය
නොසිඳෙනා වූ මහත් සවි ගත්
තාත්තා ගේ පුදුම ලොකු අත
වැරදි හරි ගස්සවා
මග නොමග පෙන්වන්න
නිතර අප බිය කෙරූ
තාත්තා ගේ පුදුම ලොකු අත
කාලයේ අණසකට යටවී
අයෝමය සවි කෙමෙන් වියැකෙන
මඳක් වැහැරී සෙමෙන් වෙව්ලන
තාත්තා ගේ පුදුම ලොකු අත
3 comments:
ලොකු අත... මං පොඩි කාලේ අපේ තාත්තගේ අත අල්ලා හැමදාම හිතනවා මේ අත ලොකුයු නේද කියලා.. මගේ අත තියලා බලනවත් එක්ක.. මට ඒ සිදුවීම මතක් උනා මේ කවියෙන්...
තාත්තාගේ අත හැමදාමත් ලොකුයි අපට වඩා.
හරිම ලෙන්ගතු නිර්මාණයක්
Post a Comment