Thursday, March 22, 2018

අන්තිම නිවේදනය






ඔබ සමග ගෙවූ කාලය
අවසන් බැව් දැන ගන්න
මහ වැසි හෙලන්නට
සූදානම් අහස 
අන්තිම නිවේදනයත්
දැනුම් දී හමාරය..

මා  කියූ සියලු දෑ
ඔබ වෙතම තබා ගන්න
වැසි දිය පහරට ඇද වැටෙමි
ඈතට පාව යමි
එතෙක්..එන්න
මේ සුළං රැළි විඳ ගන්න

No comments: