Tuesday, December 19, 2017

නාට්‍යයේ මිය ගිය නළුවාට









මගතොටදී හමු වුවද
ඉඳ හිට සෙල්ෆියක් ගත්තද
මුහුණු පොත තුල සිටියද
ඉතින් උඹ මිය ගොසිනි

බලන හැම කොටසක
දැනෙයි උඹ නැති අඩුව
උඹ නැති ලෝකයක
පාළුව දැනෙයි හදවතට

නාට්‍යය බව දැන දැනම
අපි ඉන්නේ දුකින් මය
ඉඳගෙන හිටියත් අනෙක් පස
දැනෙන්නේ උඹ නැති බවය

හුඟ දෙනෙකුට බැහැ ඉතින්
ඔවැනි ලෙස මිය යන්න
ඊළඟ කොටසත් බලන කොට
නිසැකවම අපි දුකින්මය

1 comment:

Dayal Bathee said...

හරිම අපූරුයි.