Tuesday, May 16, 2017

අපෝ දයා කුග කෝ සමග තවත් පාඩම් මන්ත්‍ර....



විභාග වලට පාඩම් කරන කවුරුන් වුව මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය නම් පාඩම් මතක තබා ගන්නේ කෙසේද යන්නයි. බිලියන ගණනක් වන කරුණු මතක තබා ගෙන විභාගයේ පැය කීපය තුල සියල්ල වැමැරීම ඇත්තටම අසීරු කරුණකි. "දිව අග තියෙනව , අය්යෝ අන්තිම මොහොතෙ අමතක වුනා, හොඳටම මතක තිබිල අමතක වුනා නෙ, ශික්..ඒ පොඩි සීන් එක මතක නැති වුනා නෙ.."  වැනි නාහෙන් ඇඬිලි විභාගයක් අවසානේ අනිවාර්යයනෙ ඇසේ. ආනන්ද හාමුදුරුවන්ට වගේ මතකයක් තිබ්බනම්  අපිත් ගොඩ නේ යනුවෙන් නොහිතපු එකෙක් නැති තරම් ය.

පාඩම් කරන මන්ත්‍ර ඕනෑම විෂයක් තුළ නිර්මාණය වේ. මේ පාඩම් මන්ත්‍ර ඉතා ප්‍රභලය. අදින් වසර 15-20 කට පෙර යොදා ගත් මෙම පාඩම් මන්ත්‍ර අදද මතකයේ පැවතීමෙන්ම මෙම මන්ත්‍ර වල ප්‍රභලතාවය තේරුම් ගත හැකිය.

අපෝ දයා කුග කෝ - ශ්‍රී ලංකාවේ රාජධානීන් මාරු වුන පිළිවෙල (අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ..)

සක සයින් බක කොස් සබ ටෑං - ත්‍රිකෝණ මිතිය

ආවර්තිතා වගුවටම මන්ත්‍ර සෑහෙන්න තිබුනි. මේ එයින් කිහිපයක්

හන්දියෙ ලිසියා නාන කොට රුබියා කැස්සා පස්සෙන් - 1 ඛාණ්ඩය
බෙම් කැස්බරා - 2 ඛාණ්ඩය
බෝතලේ ඇලී ගැලී ඉන්නා තැලී - 3 ඛාණ්ඩය
කසීගෙ සේලෙ - 4 ඛාණ්ඩය
(5 වෙනි ඛාණ්ඩෙටත් මන්ත්‍රයක් විය. එය මෙහි පළ නොවේ )
ඔන්න සමන් සෙල්ලමට තේ පොවනව- 6 ඛාණ්ඩය

මතකව විදිහට ඔන්න ඔහොමයි. තව සෑහෙන්න තිබේ.


සරස්වතී මන්ත්‍ර, ගණ දෙවි මන්ත්‍ර වගේ බහුබූත වලට වඩා පාඩම් කරන්න කට්ට කන නිර්මාණශීලී සිසු සිවියන්ගේ මෙවැනි ක්‍රම ඇත්තටම ප්‍රයෝජනවත්ය. පොඩි පොඩි ගල් අච්චු කොපි කිරීම් මිසක් මම නම් ඤාණ පටි ගැසීමට නම් එතරම් දක්ෂයෙක් නොවෙමි.. තනිකරම ඤාණ පටිවලින්ම ගොඩ යන අතිදක්ෂයන් ගැන අසා ඇත්තෙමි. උන් අද උසස් රැකියා කරමින් යෙහෙන් වැජඹේ. ඉතින් මොකෝ? එකටත් දක්ෂකමක් තිබිය යුතුය. 






2 comments:

රසිකොලොජිස්ට් said...

උඹ
ඊළඟට
නැගිට
හිහින්
දයා
නිදිද
බලා
වරෙන්

(දිශා)

රසිකොලොජිස්ට් said...

නලින්ගෙයි
පද්මිගෙයි
ආස්සරේ
ඇන්ටි
බින්දා!