Saturday, May 6, 2017

කව්බෝයි උණ

මට කව්බෝයි උණ වැලඳී දැන් අවුරුදු 20ක් පමන වෙයි.  මා පාසැලේ 8 හෝ 9 වසරේ කාලයේ මගේ පියා ගෙනත් දුන් "ෂේන් (Jack Schaefer) "  කියවූ දා පටන් මේ කව්බෝයි උණ තවමත් සුව වී නැත. මෙහි පරිවර්තනය සිරිල් සී පෙරේරා ගෙනි. බටහිර මිටියාවතට හුදෙකලාවේ එන අද්භූත ගොපලු චරිතය මගේ සිත වසඟ කර ගත්තේය. පොත මේ වනවිට 10-15 සැරයක් කියවා කට පාඩම් වී ඇති සෙයකි. ඉන්පසු මගේ සිත් ගත් පොත "ගොපලු රජා" ය. අසුරු සැනින් වෙඩි තබන අසම සම වෙඩික්කරු බක් ඩූන් ගේ වීර ක්‍රියා ඇතුලත් එම පොත ද මම 10-12 වතාවක් කියවා ඇත්තෙමි.

\
 ෂේන් චිත්‍රපටයෙන්


කව්බෝයි වීමට අත්‍යාවශ්‍ය වන පිස්තෝලයක් නම් මට රුපියල් 50ක් 100ක් වැනි මුදලකට  මිලදී ගත හැකි විය. කව්බෝයි තොප්පිය වෙනුවට ආදේශකයක් සොයා ගැනීමට හැකිවිය. පිස්තෝල කොපුව,පතොරොම් පටිය ආදී සියල්ල කාඩ්බෝඩ් සහ පරන ඉනපටි ආදියෙන් මට ගෙදරදීම සාදා ගත හැකිවිය.බලවත්ම ප්‍රශ්නය අශ්වයාය. අශ්වයෙක් ඇතිකිරීමට තරම් මට වත්කමක් නොවීය , එකල. එබැවින් අශ්වයා නොමැතිව පයින්ම මම කව්බෝයි ජීවිතය ගෙව්වෙමි.

කව්බෝයි චිත්‍රපට බැලීමේ ආසාවද එපරිද්දෙන්ම ඉස්මුරුත්තටම නැග තිබිනි. ඩොලර්ස් චිත්‍රපට මාලාවට අමතරව සිල්වරාඩෝ මගේ ප්‍රියතම චිත්‍රපටයක් විය. ඊට අමතරව බ්‍රිස්කෝ කවුන්ට් ජූනියර් රූපවාහිනී කතා මාලාවද මම නොවැරදීම බැලීමි.
ක්ෂිණික වෙඩි පහරකින් පසු වට කීපයක් කරකවා අසුරු සැනින් පිස්තෝලය කොපුවේ දමා ගන්නා දර්ශනය කවදත් මගේ සිත් ගත්තේය. මා අත තිබූ ප්ලාස්ටික් පිස්තෝලෙන් මේ වැඩ කිඩ දැමීමට මම බොහෝ උත්සාහ දැරීමි. කව්බෝයිලා ඇමෙරිකාවේ තාමත් ඉන්නවද? තාමත් පිස්තෝල එල්ලන්  යනවද? මෙයාකාරයේ ප්‍රශ්නද  එකල මා සිත තුල විය.

ෂේන්  ජෝ ස්ටාරට් ගේ වත්තේ පැරණි මුලක් ගලවයි. මමද එලෙස අපේ වත්තේ උදුරා දමා තිබූ පොල් මුලක් මහත් වෑයමෙන් තනිවම කපා කොටා ඉවත් කර දැමුවෙමි. එය මට මහත් ජය ග්‍රහණයක් විය. උදුනේ සෑදූ විස්කෝතුද ඇපල් පුඩිං ද සාදා දෙන්නට මාරියන් කෙනෙක් නැති නිසා අම්මා විසින් ප්ලේන්ටියක් ද බටර් පාන් පෙති කීපයක්ද ලබා දුන් බව මතකය.

 Django, Quick and Dead මෑත කාලයේ මා බැලූ කව්බෝයි චිත්‍රපට වෙයි.  වසර විස්සක් පමණ ගත වුවද අදටත් මගේ කව්බෝයි උණ හොඳවී නොමැත.එය හොඳවෙන සේයාවක්ද නොමැත. දකුණු අතේ මැණික් කටුවට ආසන්නයෙන් පිස්තෝලයක් එල්ලාගෙන අශ්වයන්ට සන් කරන කොකු යෙදූ පාවහන් පැළඳ බටහිර මිටියාවතේ සැරි සරමින් අපරාධකරුවන් දඩයම් කිරීමට මට ලබන ආත්මයේ හෝ ඉඩක් ලැබේවායයි පතමි.

6 comments:

Lalith perera said...

Me Too.

රසිකොලොජිස්ට් - Rasikologist said...

වැලිකතර චිත්‍රපටය බැරඹූ පසු මාත් මල්ලිලා සමග කළ පොඩි කාලයේ හොරා පොලිස් සෙල්ලමට ලී කවලින් අපිම සෑදූ රිවෝල්වර් සහ මැෂින් තුවක්කු යොදා ගත්තා.

නමුත් මගේ පුතාට නම් කිසි දිනක සෙල්ලම් වතුර විදින පිස්තෝලයක්වත් ගෙනත් දී නෑ.

Anushka Thilakarathne said...

ඔය කාටිස් පිස්තෝලෙ ගත්තෙ ගෙදරට හොරෙන්. මාමා අරන් දුන්නා කියල බොරුවක් ගෙදරට කිව්වා.

Menaka Wasantha said...

හෙක් මාත් ඒමයි...

දේශක යා said...

අම්බෝ.. බං අපිත් ඒ කාලේ තනි කර පිස්ටල් තුවක්කු පිස්සෝ. ලියන්න ඕන අතීතය හාරා අවුස්සල බලල..

Anushka Thilakarathne said...

ඒකාලෙ මනෝ ලෝකෙ දීපු ගේම්ස් වල හැටියට ජීවතුන් අතර ඉන්න එකත් පුදුමයි නේ.