Thursday, April 14, 2011

මහ ගසකි එවන් වූ


මියගියා යැයි සිතා
උදුරා විසි කල පුංචි පැලෑටිය
විහිදුවා මුල් දස අත
අසීරුවෙන් උරාගෙන පෝෂණය
මහ ගසක් වී කදිමෙට

විඩාපත් දනන් හට
සෙවණ දෙයි සැතපෙන්න
උදුරා විසිකල උන්ටද
කිසි වෙනසක් නැතිවම

3 comments:

Anonymous said...

අවාරෙට පොල් වගේ. සෑහෙන කාලෙකින් නේද?

Anushka Thilakarathne said...

ඔව් ඔව් බං. දන්නවනේ ඉතින්.

Zainab Yahya said...

the tree is silent so as the feeling you create inside the readers mind..
"a moment of silence"