Thursday, January 27, 2011

අරුංගල්




දුවේ ඔය අරුංගල්
නුඹේ දෙසවන් හැඩ කරන
ඔවැනිම තවත් දෙසවනක
රැඳී හැඩ කල බව කීවාද

බොහෝ කොට වෙහෙසවී
එකතුකර මුදලක්
මුදලාලිගෙනුයි ගත්තේ
කඩේට වඩා අඩුවෙන්

කැඩපත ඉදිරිපිට
සිනාපිරි මුහුණින්
අරුංගල් හැඩ බලන්නී
කැඩපතද සතුටිනි

පෙර පුරුද්දට තවමත්
පාළු කන්පෙති අතගාන
නුඹවැනිම සියුමැලි වතක් ගැන
දුවේ ඔය කැඩපත කියාවිද නුඹට

3 comments:

Anonymous said...

මචං අනුශ්ක, උඹට තියෙන්නෙ අමුතුම ඇහැක් බං.

විකී said...

//පාළු කණට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ//

අත්තමයි නිසදැස් කාව්‍යයේ සරළ බව
මානුෂික පැතිකඩ
ප්‍රකාශනයේ ප්‍රබල බව
මෙකි නොකී හැම දේම ගැන
නිබන්ධනයක් වගේ උඹේ ඔය පද වැල

Anonymous said...

ගොඩ දවසකින් මුකුත් ලිව්වෙ නෑ නේද?