Tuesday, June 12, 2018

මටත් දැන් පුලුවනිය පොද වැස්සෙ තනි වෙන්න



සඳ නොමැති අහස මත
තරු රටා අමුණන්න
හිරු ගිලෙන සැඳෑවක
මුහුදු වෙරළේ තනිවෙන්න

මහ මගදි හමුවුවද
නොදුටුවා සේ ඉන්න
මතකයන් රැඳි උයන් කොන
වෙන උන්ට පවරන්න

ප්‍රේමයට වඩා ලොකු
ජීවිතය විඳ ගන්න
මටත් දැන් පුලුවනිය 
පොද වැස්සෙ තනි වෙන්න

No comments: