කෙනෙක් ඉඳ ගිය
පසු
අන්න තව
කෙනෙක් ඇවිදින්
කෙමෙන් පියවෙන
නෙත් දෙස
බලා හිඳීවි
සිවිලිම
අවසන් සුසුම්
පොද උරා ගෙන
තව තවත් දැඩි
වේවි බිත්තිය
හැකි ලෙස ඔබව
රැකගනිමි
පිටත ඇති
සීතලෙන්
ඉතින් පවසන්න
මට ඔබේ කතාවත්
නිසසලව අසා
සිටින්නෙමි
අවසානයේ
කවුළුව හැර තබමි
පිටව යන්නට
ඔබට
අවහිරයක්
නොමැතිව
No comments:
Post a Comment