Tuesday, February 15, 2011

කැළඹුනු විල් දිය



ඉතා හුරු පුරුදු ගීයක හඬ ඇහෙන්න පටන් ගත්ත නිසා මම මගේ මිතුරා නිදා සිටින ඇඳ දෙස බැලුවා. දැන් රෑ මැදියමටත් කිට්ටු ඇති. ගීය ඇහෙන්නෙ ඔහු ගේ ජංගම දුරකථනයෙන්.

සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව
දිනක් ගෙවී යයි
තනි වුන වසන්තයේ

මුලු ලොවම නිදි ගත් මොහොතක නිසා ඒ අයට බාධාවක් වේ යැයි සිතාගෙන වගේ මගේ මිතුරා හැකිතරම් හඬ අඩු කරගෙන ගීය අහනවා. ඔහුගේ දෙනෙත් ජනේලයෙන් එපිට අහසේ අනන්තයටම යොමු වී ඇතිබව මට අඩ අඳුරේම පේනවා. මේ ගීතය උඹේ හදවතේ පතුළම ස්පර්ෂ කරනවා ඇති. මේ වගේ ගීතයක් උඹේ ආත්මීය ගීතය බවට පත්වෙන බව ගැන නිනව්වක් වත් නැතිව ඇය හා ගෙවූ කාලය උඹට මතක් වෙනවා ඇති. ජීවිතය මහ පුදුමාකරයි තමයි. ළඟටම වෙලා හිටිය සිහින එක පාරටම ඈතට ගහගෙන යනවා. නුඹ වෙනුවෙන් මේ කවි පෙල ලියා තබන්නම්.

තාරුකා පිරීගිය මුත් මේ අහස් කුස
කෙතරම පාළුවක් දරන්නේදැයි
මුලු ලොවම නොදන්නා වුවද
මිතුර නුඹ එය දනියි

පැතුම් පිරී ඉතිරෙන ලොවට
බිඳුනු හදවතකින් සුභ පැතීමත්
අසීරුයි මිතුර
හදවත අන්තැනක තබා
දිවි ගෙවන්නා වාගෙයි

කැළඹුනු විල් දිය මත
සුපැහැදිලි රූ දකින්නට
නෙත් යුග උත්සුක වුවද
හදවත අකීකරු නොවෙද
දකිනා නිසාවෙනි මිතුර,සත්‍යය


3 comments:

nawammawatha said...

ඇති යාන්තං ඔය කාලෙකට පස්සෙ ලියල තියෙන්නෙ සුපිරි ලිවිල්ලක්. අතීත මතක කොච්චර හිත කොණිති ගැහැව්වත් ඒකත් සුන්දරයි නේද නියම වෙලාව ආවම.

අනුෂ්ක තිලකරත්න said...

උඹ කොහොම කිව්වත් මටනම් හිතෙන්නෙම මේ සිතුවිල්ල හැමදාම වේදනාකාරී කියලයි.

Zee + See said...

a moment that u turned into a memory