Sunday, February 28, 2016

මිය ගිය කවියාට....


මිතුර, පෙනෙනවාද නුඹට
මඳක් එපිටින් අතුපතර විදා ගත්
සුවිසල් නුග රුක
නුඹ අවට සොහොන් මත
වියළී යන මල් පොකුරු

කෙසේ මග හැරෙන්නද?
ලා හිරු කිරණ,
සැඳෑ අහස් කුස,
හිරු මියෙන මුහුද,
වියළී ගිය තුරු පතක් වුව
මගහැරුනාද?

මේ සියලු වස්තුව නුඹගේය
ඉතින් මම ආපසු යමි
කිසිවෙක් නොවැලලුනු
හිස් බිම් කඩක් ඉතිරිව ඇත
මොහොතකට එහි නතර වෙමි
මිනිසෙකුට සැබැවින්ම
මෙපමනක් නොසෑහේ ද?