Friday, June 16, 2017

වංගුවේ පොඩි කඩේ



මුඩු පොල්තෙල් රහක්
දිවග ගැටෙනා මොහොතක
වංගුවේ පොඩි කඩේ
නිතැතින්ම සිහිවේ මට

පුස් රසැති පොල් ටොපිද
හං වෙච්ච මුරුක්කුද
බුල්ටොද තල කැරලිද
බුලත් දුංකල හැරෙන්නට
වෙන යමක් තිබුනාද
වංගුවේ පොඩි කඩේ

අතේ තිබුනොත් රුපියලක්
මොනාහරි ඕනෙවෙයි මට
ළඟින් යන එන කලට
වංගුවේ පොඩි කඩේ

වැඩි ලකයකුත් නැතිව
වයසක් ජෝඩුවක් හිටිය
දින හතම ඇර තිබූ
වංගුවේ පොඩි කඩේ

හැදෙන කොට අලුත් ගම
පෙරලගෙන රබර් ගස්
තලා දං බෝවිටියා පඳුරු
පොඩි කඩේ විතරක්
ඉතිරි වෙන්නේ කොහොම

No comments:

Post a Comment