\
ෂේන් චිත්‍රපටයෙන්
කව්බෝයි චිත්‍රපට බැලීමේ ආසාවද එපරිද්දෙන්ම ඉස්මුරුත්තටම නැග තිබිනි. ඩොලර්ස් චිත්‍රපට මාලාවට අමතරව සිල්වරාඩෝ මගේ ප්‍රියතම චිත්‍රපටයක් විය. ඊට අමතරව බ්‍රිස්කෝ කවුන්ට් ජූනියර් රූපවාහිනී කතා මාලාවද මම නොවැරදීම බැලීමි.
ක්ෂිණික වෙඩි පහරකින් පසු වට කීපයක් කරකවා අසුරු සැනින් පිස්තෝලය කොපුවේ දමා ගන්නා දර්ශනය කවදත් මගේ සිත් ගත්තේය. මා අත තිබූ ප්ලාස්ටික් පිස්තෝලෙන් මේ වැඩ කිඩ දැමීමට මම බොහෝ උත්සාහ දැරීමි. කව්බෝයිලා ඇමෙරිකාවේ තාමත් ඉන්නවද? තාමත් පිස්තෝල එල්ලන් යනවද? මෙයාකාරයේ ප්‍රශ්නද එකල මා සිත තුල විය.
ෂේන් ජෝ ස්ටාරට් ගේ වත්තේ පැරණි මුලක් ගලවයි. මමද එලෙස අපේ වත්තේ උදුරා දමා තිබූ පොල් මුලක් මහත් වෑයමෙන් තනිවම කපා කොටා ඉවත් කර දැමුවෙමි. එය මට මහත් ජය ග්‍රහණයක් විය. උදුනේ සෑදූ විස්කෝතුද ඇපල් පුඩිං ද සාදා දෙන්නට මාරියන් කෙනෙක් නැති නිසා අම්මා විසින් ප්ලේන්ටියක් ද බටර් පාන් පෙති කීපයක්ද ලබා දුන් බව මතකය.
Django, Quick and Dead මෑත කාලයේ මා බැලූ කව්බෝයි චිත්‍රපට වෙයි. වසර විස්සක් පමණ ගත වුවද අදටත් මගේ කව්බෝයි උණ හොඳවී නොමැත.එය හොඳවෙන සේයාවක්ද නොමැත. දකුණු අතේ මැණික් කටුවට ආසන්නයෙන් පිස්තෝලයක් එල්ලාගෙන අශ්වයන්ට සන් කරන කොකු යෙදූ පාවහන් පැළඳ බටහිර මිටියාවතේ සැරි සරමින් අපරාධකරුවන් දඩයම් කිරීමට මට ලබන ආත්මයේ හෝ ඉඩක් ලැබේවායයි පතමි.
Me Too.
ReplyDeleteවැලිකතර චිත්‍රපටය බැරඹූ පසු මාත් මල්ලිලා සමග කළ පොඩි කාලයේ හොරා පොලිස් සෙල්ලමට ලී කවලින් අපිම සෑදූ රිවෝල්වර් සහ මැෂින් තුවක්කු යොදා ගත්තා.
ReplyDeleteනමුත් මගේ පුතාට නම් කිසි දිනක සෙල්ලම් වතුර විදින පිස්තෝලයක්වත් ගෙනත් දී නෑ.
ඔය කාටිස් පිස්තෝලෙ ගත්තෙ ගෙදරට හොරෙන්. මාමා අරන් දුන්නා කියල බොරුවක් ගෙදරට කිව්වා.
ReplyDeleteහෙක් මාත් ඒමයි...
ReplyDeleteඅම්බෝ.. බං අපිත් ඒ කාලේ තනි කර පිස්ටල් තුවක්කු පිස්සෝ. ලියන්න ඕන අතීතය හාරා අවුස්සල බලල..
ReplyDeleteඒකාලෙ මනෝ ලෝකෙ දීපු ගේම්ස් වල හැටියට ජීවතුන් අතර ඉන්න එකත් පුදුමයි නේ.
Delete