අරුංගල්
දුවේ ඔය අරුංගල්
නුඹේ දෙසවන් හැඩ කරන
ඔවැනිම තවත් දෙසවනක
රැඳී හැඩ කල බව කීවාද
බොහෝ කොට වෙහෙසවී
එකතුකර මුදලක්
මුදලාලිගෙනුයි ගත්තේ
කඩේට වඩා අඩුවෙන්
කැඩපත ඉදිරිපිට
සිනාපිරි මුහුණින්
අරුංගල් හැඩ බලන්නී
කැඩපතද සතුටිනි
පෙර පුරුද්දට තවමත්
පාළු කන්පෙති අතගාන
නුඹවැනිම සියුමැලි වතක් ගැන
දුවේ ඔය කැඩපත කියාවිද නුඹට
මචං අනුශ්ක, උඹට තියෙන්නෙ අමුතුම ඇහැක් බං.
ReplyDelete//පාළු කණට නුඹෙ ඇස නොගැටෙන්නයි
ReplyDeleteවීදුරු කැඩපත බිම දැම්මේ//
අත්තමයි නිසදැස් කාව්‍යයේ සරළ බව
මානුෂික පැතිකඩ
ප්‍රකාශනයේ ප්‍රබල බව
මෙකි නොකී හැම දේම ගැන
නිබන්ධනයක් වගේ උඹේ ඔය පද වැල
ගොඩ දවසකින් මුකුත් ලිව්වෙ නෑ නේද?
ReplyDelete