සුදු පාට කැන්වස් තලය මත
කටු සටහනින් ඇඳි
මගේ කලු සුදු රූපය
නුඹ බියපත් කරයි
නුඹ බොහෝ බිය වෙයි
පින්සලෙන් පින්සල ගෙන
නේක වර්ණ තවරා
යුහුසුලුව මතු කරන්නී
වර්ණවත් රූපයක්
දහඩිය ද හෙළමින්
තුටු වන්නී
ඉතින් මෙන්න නුඹ
බලන් කෙතරම් හැඩද දැන්
සැනසුම් සුසුමක් හෙලන්නී
කෙතරම් බියකරුද අර
කලු සුදු රූපය
Sunday, January 26, 2014
Tuesday, December 17, 2013
රොබින් හුඩ් අය්යලා
රොබින් හුඩ්
අය්යලා
දැන් සටන
අතහැරලා
ගල්ගුහාවකට
වෙලා
බුම්මගෙන
ඉන්නවලු
ආරංචියේ
හැටියට
ජනතාව දැන්
හරි වෙනස්ලු
ඉස්සරවගේ ඒ
ගොල්ලොන්ට
සපොර්ට් එක
දැන් නෑලු
නොටින්හැම්
බලකොටුවෙ
හැමදාම
නත්තල්ලු
රෑට රෑට
හැමදාම
මල් වෙඩි
පෙන්නනවාලු
ගිස්බන්
ගෙනුත් දැන් කරදරයක් නෑලු
සිරියාව බේරෙන්න හිනාවෙන්නත් දන්නවලු
සිරියාව බේරෙන්න හිනාවෙන්නත් දන්නවලු
බබාලත් වඩා
ගන්නව්ලු ඉඳ හිට
හැබැයි තාමත්
එහේ එල්ලලා
මරණවාලු
ඒ උනාට ජනතාව
ප්‍රීතියෙන්
ඉන්නවලු
මහ රජාත් ළඟදි
එහේ ඇවිත්
ගිහින් ලු
රොබින් හුඩ්
අය්යලා
දැන් සටන
ඇතහැරලා
කණ්ඩායමට
බැඳෙන්න ගිය මං
ෂර්වුඩ් කැලේ
තනි වෙලා
Sunday, December 1, 2013
හතුරෙකු ගේ මළ ගම
අදින් පසු මට
කෙනෙක් නැති
වේවි
මතක් වෙන
විටත්
තරහ යන
තරහ හිත
තබාගෙනම
ආවෙමි ඔබේ
මළගෙදර
ඔබත් මාත් හැර
කිසිවෙකුත්
නොදන්නා ගානයි
ඔබ හා මම
අමනාප බව
ඉතින් ඔබ මිය
ගොස්ය
පරණ තරහ ඉතිරි
කර
ඔබ යන්නට
ගොහින්
මග තොටේ විටෙක
හැදුවා නොවෙද ඔබ
කතා කරන්නට මා
සමග
කතා නොකළෙමි
ඔබට
මම තරහා
බැවිනි
ඉතින් දැන් කා
සමග
තරහෙන් ඉන්නද
මම
හිස් බවෙන්
මිරිකෙමි
වේදනාවෙන්
තැවෙමි
පරණ තරහ ඉතිරි
කර
ඔබ මියගොසිනි.
Saturday, November 30, 2013
ඒ බල්ලා
ඒ වල් බල්ලා
හැරිලාවත්
බැලුවෙ නෑ
මං දැම්ම
ඉස්පංචි කෑල්ල දිහා
කෑල්ලක් නොදී
මං
දෙන්නද ඔක්කෝම
මංවත් නොකා
නැත්තං අනික්
කඩෙන්
ප්‍රයිඩ්
රයිස් අරං
පිං පිණිස
දෙන්නද ඌට
උපන්නා නම් වල්
බලු ගොඩේ
ඉන්නට ඕනෑ
ඒවිදිහට
දෙන දෙයක්
කාලා
අගුපිලේ
බුදියලා
තනියම හොරි කසාගෙන
ලොරියට බස්
එකට අඩ තියා
වැලිගම්පිටි
යන්ඩෝන
අන්න එහෙමයි
උඹලා ඉන්ඩෝන
හිතන්නැති අර
තඩි විසාල
ගේට්ටුවෙන්
හොම්බ දාගෙන
බුරන
සුපිරි බල්ලා
වගේ කියලා
මතක තියාගන්
මේටික
බල්ලෙක් වුනත් ඌ
පෙට් කෙනෙක්
හැබැයි උඹ
බල්ලෙක් සදහටම
නිකන් නෙමෙයි
වල් බල්ලෙක්
Friday, November 22, 2013
ගස් කැච් ඔට්ටුයි
හැන්දෑවෙ හතරට
එකා දෙන්නා
ඇදෙනවා පාරට
කඩේ බංකුව
විකට් එක
බැට්ස්මන් ට
වඩා උසයි විකට් එක
අර්ජුනලා
අරවින්දලා හෂාන්ලා
යුනුස් ලා අක්රම්ලා
ලාරලා ඩොනල්ඩ්
ලා
මේ ඔක්කොම
හිටියා අපි එක්ක
ගස් කැච්
ඔට්ටුයි
බලු වත්තට
ගියොත් අවුට්
හුඹහට උඩින්
හතරයි
හයක් ගැහුවොත්
වීරයෙක්
ලොකු අය්යලා
ගේ බෝල්
සැරවැඩියි
හැමදාම
වැඩිය එන්නැති
පොඩි මල්ලිලා
හැමදාම ලාස්ට්
මෑන්
දැන් නම්
පාරටත් තාර
වැටිලා
වටේටම තාප්ප
බැඳිලා
ගස් කැච්
ඔට්ටු කල පොල් ගස්
ඉඳ හිට බලනවා
අපි දිහා
Subscribe to:
Posts (Atom)




