Monday, November 9, 2015

හිම කුමරිය මිය ගිහිල්ල








හිම කුමරිය මිය ගිහිල්ල
මිය ගිහිල්ල?
හැබෑවටම මිය ගිහිල්ල
ඉරිද පොළේ මුල්ලෙ කොටුවෙ
ඇපල් ගොඩයි දොඩම් ගොඩයි
අතර මැද්දෙ වැටිල හිටිය

යුද්දෙට ගිය කුමාරයා
ගෙදර ආවෙ පෙට්ටියකින්
මාළිගාවෙ දොර වහලා
දරු දෙන්නත් කර පින්නන්
හිමකුමාරි ගමට ආව

ඉරිද පොළේ මුල්ල කොටුව
අඩු ගාණට අරන් දුන්න
සූකරයත් ණය ඉල්ලන්
රෑට රෑට ගෙට රිංගුව

පොලෝසියෙන් කියන පරිදි
දිවි නහගත් තව එකියක්
“ඇගේ අතින් වස දාගෙන
ඇයම කාල ඇපල් ගෙඩිය”

දරු දෙන්නත් කර පින්නන්
ගමට ආව හිම කුමරිය
අන්තිමේදි මිය ගිහිල්ල
දිවි නහගෙන මිය ගිහිල්ල

සිතුවම - Liese Chavez