Friday, July 10, 2015

ශිශිරයක අව්ව




ඇඟ මැලි කඩා
විදහා අතු පතර
විඳගනී තුරු පෙළ
ශිශිරයක අව්ව

උණුසුම් කබා හිස් වැසුම් පැලඳ
මහමගට වන් දනෝ
අඩවන් නෙතින් සිපගනිති
ශිශිරයක අව්ව

හිම ගොඩින් මතුව ආ
පුංචි මල් පොහොට්ටුවක්
අසීමිතව පෙම් කරන
ශිශිරයක අව්ව

ගිම්හාන සමයේ
රුදු හිරුකිරණ
සඟවාවි නුඹව
ශිශිරයක අව්ව