Monday, November 9, 2015
හිම කුමරිය මිය ගිහිල්ල
හිම කුමරිය මිය ගිහිල්ල
මිය ගිහිල්ල?
හැබෑවටම මිය ගිහිල්ල
ඉරිද පොළේ මුල්ලෙ කොටුවෙ
ඇපල් ගොඩයි දොඩම් ගොඩයි
අතර මැද්දෙ වැටිල හිටිය
යුද්දෙට ගිය කුමාරයා
ගෙදර ආවෙ පෙට්ටියකින්
මාළිගාවෙ දොර වහලා
දරු දෙන්නත් කර පින්නන්
හිමකුමාරි ගමට ආව
ඉරිද පොළේ මුල්ල කොටුව
අඩු ගාණට අරන් දුන්න
සූකරයත් ණය ඉල්ලන්
රෑට රෑට ගෙට රිංගුව
පොලෝසියෙන් කියන පරිදි
දිවි නහගත් තව එකියක්
“ඇගේ අතින් වස දාගෙන
ඇයම කාල ඇපල් ගෙඩිය”
දරු දෙන්නත් කර පින්නන්
ගමට ආව හිම කුමරිය
අන්තිමේදි මිය ගිහිල්ල
දිවි නහගෙන මිය ගිහිල්ල
සිතුවම - Liese Chavez
Friday, July 10, 2015
ශිශිරයක අව්ව
ඇඟ
මැලි කඩා
විදහා
අතු පතර
විඳගනී
තුරු පෙළ
ශිශිරයක
අව්ව
උණුසුම්
කබා හිස් වැසුම් පැලඳ
මහමගට
වන් දනෝ
අඩවන් නෙතින්
සිපගනිති
ශිශිරයක
අව්ව
හිම ගොඩින්
මතුව ආ
පුංචි මල්
පොහොට්ටුවක්
අසීමිතව
පෙම් කරන
ශිශිරයක
අව්ව
ගිම්හාන
සමයේ
රුදු හිරුකිරණ
සඟවාවි
නුඹව
ශිශිරයක
අව්ව
Tuesday, May 5, 2015
බාප්පට සීනි හැදිලා
දන්න
කාලේ ඉඳලා
කෑමට
බීමට රුසියා
සේරම
චණ්ඩි කං නැවතිලා
බාප්පට
දැන් සීනි හැදිලා
කාලෙකට
පස්සේ ගෙදර ආදා
විස්කෝතුවක්
විතරයි කෑවේ
කේක් කෑල්ලට
අත තිබ්බාම
එරෙව්වා
පුංචි අම්මා
උදේට
දුවනවා
හවසට
පයින් එනවා
සීනි
නැති තේ කෝපි
දඬුවමද
විඳිනවා
පාටියක්
දවසේ කාලා පැණිරස වගයක්
අතිජාත
මිතුරෙක් ගින්න දීලා ගෙදරට
පහුවදා
ඉඳලා නෝපාටි පණවලා
කූපන්
ක්රමයටලු දැන් කෑම ලැබෙන්නේ
බලපන්
පුතේ මෙහෙමත් කරුමයක්
පොඩි
එකා කනවා අයිස්ක්රීම් පෙන්න පෙන්නා
දැන්
ඉඳලාම උඹලත් හිතට ගනිල්ලා මේ ටික
කනවා
බොනවා වාගේම එක්සයිස් කරපියව්
උදේ
දුවනවා
හවසට
පයින් එනවා
කරවිලයි කොතලහිඹුටුයි හොයනවා
බාප්පට
සීනි හැදිලා