Tuesday, May 5, 2015

බාප්පට සීනි හැදිලා



දන්න කාලේ ඉඳලා
කෑමට බීමට රුසියා
සේරම චණ්ඩි කං නැවතිලා
බාප්පට දැන් සීනි හැදිලා

කාලෙකට පස්සේ ගෙදර ආදා
විස්කෝතුවක් විතරයි කෑවේ
කේක් කෑල්ලට අත තිබ්බාම
එරෙව්වා පුංචි අම්මා

උදේට දුවනවා
හවසට පයින් එනවා
සීනි නැති තේ කෝපි
දඬුවමද විඳිනවා

පාටියක් දවසේ කාලා පැණිරස වගයක්
අතිජාත මිතුරෙක් ගින්න දීලා ගෙදරට
පහුවදා ඉඳලා නෝපාටි  පණවලා
කූපන් ක්රමයටලු දැන් කෑම ලැබෙන්නේ

බලපන් පුතේ මෙහෙමත් කරුමයක්
පොඩි එකා කනවා අයිස්ක්රීම් පෙන්න පෙන්නා
දැන් ඉඳලාම උඹලත් හිතට ගනිල්ලා මේ ටික
කනවා බොනවා වාගේම එක්සයිස් කරපියව්

උදේ දුවනවා
හවසට පයින් එනවා
කරවිලයි කොතලහිඹුටුයි හොයනවා
බාප්පට සීනි හැදිලා

1 comment:

රසිකොලොජිස්ට් said...

ආ පුතා, කොහොමද? කාලෙකින් දැක්කේ නෑ!